මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-25) – ඊයේ ආසාදිතයින් 458 යි මරණ 04 යි

අද දින (25) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 458 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළු දෙනා දේශීය හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (24) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්
වාර්තා වන අතර එම ගණන 94 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 76  ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 229 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 04 ක් වාර්තා වී මෙලෙස මිය ගොස් ඇත්තේ, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිද කාන්තාවක්, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 457 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (24) දිනය තුල මෙරට PCR පරීක්ෂණ 13,714 ක් සිදුකර ඇත.

කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 81,467
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 76,514
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 4,496
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 457

https://www.hpb.health.gov.lk/si (Accessed feb-25-2021 9.45 a.m IST)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *