Headlines

    සුව සැරියට නව සභාපතිවරයෙක්

    1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පිරිසක් පත් කර තිබේ. 

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.

    ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක මහතාද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා යන මහත්වරුද පත් කර තිබේ.

    මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (06) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *