Headlines

    උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ වැඩතහනම්

    උතුරු මැද පළාතේ 6 සහ 7 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න කළින් පිට කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරියකගේ වැඩ තහනම් කර තිබේ.

    වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩතහනම් කිරීම සිදුකර ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසීය. 

    එමෙන්ම වාර විභාගයේ 11 ශ්‍රේණිවල ප්‍රශ්න පත්‍ර කිහිපයක් කලින් පිටකිරීම සම්බන්ධයෙන් ද පොලීසිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *