Headlines

    බොරතෙල් මිල ඉහළට

    ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.

    රුසියාව සහ ඔපෙක් සාමාජික රටවල් සිය සැපයුම් සීමා කිරීම ඊට එක් හේතුවක් ලෙස සඳහන්ය.

    ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 0.42කින් ඩොලර් 77.37 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල සියයට 0.57කින් ඩොලර් 74.67ක් දක්වා ද වැඩි වී තිබුණි.

    මාස දෙකකට පසුව පසුගිය දෙසැම්බර් මාසයේදී ඔපෙක් රටවල් සිය නිෂ්පාදන ධාරිතාව අඩුකර තිබූ බව සඳහන්ය.

    මේ අතර දෙසැම්බර් මාසයේදී රුසියාවේ දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 8.971 ලෙස දැක්වුණි.

    එය එරට දෛනික බොරතෙල් නිෂ්පාදන ධාරිතාව වන බැරල් මිලියන 9.5ට වඩා අඩු අගයකි.

    මේ අතර වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරන්නේ 2024 වසරේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල සඳහන් වූයේ ඩොලර් 80ක් වශයෙනි.

    එය 2025 වසරේදී ඩොලර් 76ක් දක්වා පහළ යා හැකි බව අනුමාන කෙරේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *