මධ්‍යම පළාත් සභාවේ එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෝතල් ප්රතිචක්රීයකරණ නව ව්‍යාපෘතියක් ආරම්භකර ඇත. ඒ අනුව සොලිඩේට් පුද්ගලික ආයතනයේ සම්බන්ධීකරණය යටතේ විදේශීය ආයතනයන්ගේද සහයෝගය මත ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතන, පාසැල් සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගනිමින් ඉවතලන PET බෝතල් බේල් මැෂින් මගින් සකස් කර නැවත ව්‍යාපෘති සදහා භාවිතයට ගත හැකි මට්ටමට සකස් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙලෙස බ්‍රෙල් කරන ලද ප්ලාස්ටික් බෝතල් කිලෝ එකක් රු. 40 ක මිලකට සමාන කර වරිපනම් බදු ගෙවීම සදහා භාවිතා කළ හැකි බව ද පාසල් දරුවන්ට සහ ජනතාවට කිලෝවකට රුපියල් 40 බැගින් මුදල් ලබාගැනීමට හැකියාවක් පවතින බව ද එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කරන ලදී.
තව ද දිනකට එක් පුද්ගලයෙක් රුපියල් 40,000 ක පමණ ප්‍රමාණයක ඔක්සිජන් වායුව භාවිතයට ගනු ලබන බවත් වගකීම් විරහිතව කටයුතු කිරීම මගින් ඔක්සිජන් වායුව මිලදී ගැනීමට සිදුවන කාලයක් උදාවිය හැකිබවත් මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.