Headlines

    T20 යොවුන් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව පිටත්ව යයි

    මැලේසියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

    කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්මෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි.

    එම කාණ්ඩයට සත්කාරක මැලේසියාව, බ.ඉ. කොදෙව් සහ ඉන්දියාව ඇතුළත්ව ඇත.

    තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ඔස්ට්‍රෙලියාව හා ස්කොට්ලන්තය අතර පැවැත්වේ.

    මේ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය මැලේසියාවට එරෙහිව ජනවාරි 19වනදා ක්වාලාලාම්පූර්හිදී පැවැත්වේ.

    තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඊයේ  (10) ප්‍රකාශයට පත් කළේය.

    එහි කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර නම්කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *