Headlines

    රටින් ගෙනා සහල් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

    සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

    ඊයේ දහවල් වනවිට මෙරටට ආනයනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 149,000ක්.

    මෙරට වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවූ පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට විශේෂ අවසරයක් ලබාදුනි.
     
    එම අවසරය හිමිවූ පසුගිය දෙසැම්බර් 4වනදා සිට මේ දක්වා රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 149,000ක් වෙයි.

    ඊට කැකුළු සහල් මෙට්‍රික්ටොන් 55,000ක් සහ තැම්බූ සහල් මෙට්‍රික්ටොන් 94,000ක් අයත් ය.

    මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කළ තවත් සහල් තොගයක් මෙරටට ලැබීමට නියමිත අතර එම සහල් තොගය නිෂ්කාශනය කිරීම සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *