Headlines

    ශ්‍රී ලංකාවෙන් ලකුණු 291ක ඉලක්කයක්

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය අවසන් කරමින් ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය.

    ඒ අනුව පූර්ණ තරගාවලි ජයක් සම්පූර්ණ කරගැනීමට සඳහා සත්කාර නවසීලන්ත කණ්ඩායමට ලකුණු 291ක ඉලක්කයක් හිමිවිය.

    ශ්‍රී ලංකා ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් පැතුම් නිස්සංක වේගවත් ලකුණු 66ක් රැස්කිරීමට සමත් විය.

    පන්දු 42කින් ගොඩනැගුණු පැතුම්ගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය.

    පැතුම් අද වාර්තා කළේ ඔහුගේ 16වැනි එක්දින අර්ධ ශතකයයිත

    ඔහුට අමතරව ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ කුසල් මෙන්ඩිස් (54) හා ජනිත් ලියනගේ (53) ද අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

    කුසල් අද වාර්තා කළේ ඔහුගේ 33වැනි එක්දින අර්ධ ශතකයයි.

    එමෙන්ම නවක ක්‍රීඩක ජනිත් ලියනගේටද සිය 4වන එක්දින තරගය වාර්තා කිරීමට අද හැකිවිය.

    මීට අමතරව කමිදු මෙන්ඩිස් ලකුණු 46කින් දායක විය.

    නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 55කට කඩුලු 4ක් දවාගත්තේය.

    ඒ සමග ඔහුට එක්දින කඩුලු 150 සීමාව පසුකිරීමට හැකිවිය.

    ඒ අනුව ඔහු නවසීලන්තය වෙනුවෙන් කඩුලු 150ක් වේගයෙන්ම දවාගත් දෙවන පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්විය. 

    ඔහු ඉනිම් 83කින් මෙම දක්ෂතාව දක්වා ඇති අතර, එහි පෙරමුණගෙන සිටින ට්‍රෙන්ට් බෝල්ට් ඉනිම් 81කින් කඩුලු 150 සීමාව පසුකර ඇත.

    මැට් හෙන්රිට අමතරව මිචෙල් සැන්ට්නර් ලකුණු 55කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *