Headlines

    ගංවතුරෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි මේ මස අවසානයේදී

    පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

    එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේ වගා හානි  පිලිබද තක්සේරු කිරීම් සියයට 95ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවය.

    යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මන්නාරම ආදී ප්‍රදේශවල වගා හානි තක්සේරුකිරීම් මේ වන විට අවසන් අදියරේ පවයි.

    ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන වලින් අවසන් නිර්දේශිත වන්දි ලේඛන වාර්තා ලැබුණු පසු අදාළ මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *