Headlines

    සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවෙයි

    සෝමාවතිය පුද බිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව පොලීසිය පවසයි.

    පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල – සෝමාවතිය මාර්ගය සෝමාවතිය පුද බිම ආසන්නයේ පිහිටි දිග්ගල ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 02ක් පමණ කොටස ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මෙලෙස යටවී ඇත.

    ඊයේ (13) සිට පවතින අධික වාර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මෙම ගංවතුර තත්ත්වය ඇතිව ඇති අතර ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි පොලීසිය පැවසීය.

    සෝමාවතිය වන්දනා කිරීම සඳහා පැමිණ සිටි පිරිස් ඔවුන් පැමිණි බස් රථවලින් වැලිකන්ද දෙසින් පිටත් කර හැරීමට පොලීසිය පියවර ගෙන ඇත. 

    සිදුවීම් වළක්වා ගැනීම සඳහා පොලිස් ජිවිත ආරක්ෂක රාජකාරි නිලධාරීන් යොදවා ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *