Headlines

    උතුරේ ධීවර ගැටලුව ගැන විශේෂ සාකච්ඡාවකට තමිල්නාඩුවේ එකඟතාවය

    උතුරේ ධීවර නියෝජිතයින් සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

    උතුරේ ධීවර ගැටලුව සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

    ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පසුගියදා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග තමිල්නාඩුවේදී සාකච්ඡාවක් පවත්වා ඇත.

    එහිදී ධීවර ගැටලුව සම්බන්ධයෙන් එස්. ශ්‍රීධරන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

    ප්‍රධාන අමාත්‍යවරයා එම අවස්ථාවේදී පවසා ඇත්තේ, ධීවර ගැටලුව සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක් පැවැත්විය යුතු බවයි.

    ඒ අනුව, උතුරේ ධීවර සංගම් නියෝජතයින් 07 දෙනෙකු අදාළ සාකච්ඡාව සඳහා එක්වනු ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *