Headlines

    ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ එකඟතාවක්

    ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමග එකඟතාවකට පැමිණි බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කර තිබේ.

    මාස 15ක යුද්ධය අවසන් කරමින් සටන් විරාමයක් ඇති කරගැනීමට දෙපාර්ශ්වය මීට පෙර සූදානම් වුවත්, අවසන් මොහොතේ ඇති වූ ගැටළු කිහිපයක් එය ක්‍රියාත්මක වීම මේ දක්වා අවිනිෂ්චිත වී ඇත.

    මේ අතර ඊශ්‍රායලයේ ආරක්ෂක මණ්ඩලය අද (17) පස්වරුවේ රැස්වීමට නියමිත අතර, එහිදී තම රජය දිගු කලක් බලා සිටි ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.

    අමෙරිකානු බලධාරීන් ද එළැඹෙන ඉරිදා බලාත්මක කිරීමට අපේක්ෂා කරන සටන්විරාම ගිවිසුම මගින් ගාසා තීරයේ සටන් නතරවනු ඇති අතර, ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමට හැකිවනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
     

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *