Headlines

    උදයංග වීරතුංගට ඇප

    රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ.

    නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.

    ඒ අනුව රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2ක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර තිබේ.

    අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව ඔහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *