Headlines

    ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    ශ්‍රී ලංකා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පෙරේදා (16) පාර්ලිමේන්තුවේදී  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුව තිබේ. 

    මෙම හමුවේදී පාර්ලිමේන්තුව තුළ ඇතැම් ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව සාකච්ඡා වූ බවත් එහිදී එම ව්‍යාපෘතීන් සාර්ථකව නිම කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂඥ දැනුම සහ සහාය ලබාදීමට සුදානම් බව නාවික හමුදාපතිතුමා මෙහිදී ප්‍රකාශ කළ බවත්  පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

    ජාතික ආරක්ෂාව සහ සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉටු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය ගරු කථානායකතුමාගේ ඇගයීමට මෙහිදී ලක්ව තිබේ. 
    එමෙන්ම පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂඥ දැනුම සහ සහාය ලබාදීමට එකඟතාව පල කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ. 

    එමෙන්ම කාර්යක්‍ෂම සහ පිරිවැය ඵලදායී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවයේ වැදගත්කමද කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *