Headlines

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම අද (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් සිදුවිය.

    ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

    රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමග එක්ව අංශ පහක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කර තිබේ.

    ඒ අනුව වැඩිදියුණු කරන ලද සේවා සහිත දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, විශ්‍රාමිකයින් සඳහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය, වැන්දඹු සහ අනත්දරු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය, ප්‍රතිනිර්මාණය කරන ලද රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රියාවලිය, විශ්‍රාමික මරණ වාර්තා කිරීමේ තොරතුරු පද්ධතිය (රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධිතය) යන අංශ පහ මීට ඇතුළත් වනු ඇත.

    අමාත්‍යංශය පැවසුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලිව විශ්‍රාමික පිරිස් වෙත ලබාදීම මෙම ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කිරීම අරමුණු වන බවය. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *