කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ භූමදානයට ගැසට් නිවේදනය නිකුත් කරේ.

Covid – 19 හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අදාල මාර්ගෝපදේශ ඇතුලත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව අදාල ගැසට් නිවේදන මගින් පෙර සඳහන් වූ මෘත දේහය ආදාහනය කිරීම යන වචනය වෙනුවට මෘත දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම යන්න සංශෝධනය කර අතර එහි දී අදාල තැනැත්තාගේ මෘත දේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාල බලධාරියාගේ අධීක්ෂණය යටතේ භූමදානය කළ යුතු බව මෙම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *