Headlines

    නිදහස් වූ පලස්තීන සිරකරුවන්

    ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වු සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය ප්‍රකාශ කර තිබේ.

    ඊයේ (19) දිනයේ ආරම්භ වු සටන් විරාම කාලය යටතේ පළමු අදියරේ කොටසක් ලෙස මෙම පලස්තීන සිරකරුවන් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

    අදාළ සිරකරුවන් අතර කාන්තාවන් 69 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 ක් දෙනෙකු ඇතුලත් බව සඳහන් වේ.

    මේ අතර හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ද නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *