Headlines

    ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවය.

    ආපදාවෙන් මියයෑම් 2ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබේ.

    මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී වසා දැමුණු මහනුවර – මහියංගණය මාර්ගය යළි විවෘත කර ඇති බව වාර්තා වේ.

    පස්කදු සහ ගල්කඩා වැටීමේ  අවදානමක් හේතුවෙන් මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය ඊයේ පස්වරු 6 සිට මහනුවර, තැන්නෙකුඹුර හන්දියෙන් සහ හසලක, පාලම හන්දියෙන් වසා තැබීමට පියවර ගනු ලැබීය.

    මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ඒ හේතුවෙන් වලපනේ සිට හගුරන්කෙත හරහා මහනුවරට ගමන් ගන්නා මාර්ගය වසා දමා ඇති බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *