Headlines

    කුෂ් මත්ද්‍රව්‍ය ගෙනා දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

    ගුවන් මගින් කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ආ දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (20) රාත්‍රියේ මොවුන් සිංගප්පූරුවේ බැංකොක් සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් පැමිණ තිබුණි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් වන බොරපොළ මහඔය ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ අවුරුදු 29ක් වූ කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකාර කාන්තාව සතුව කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 750ක් ද සැකකරු සතුව කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 880ක්ද මෙහිදී නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුර විමර්ශන පවත්වයි. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *