Headlines

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීප රජ මහා විහාරයේ..

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් යාපනය නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන බව වාර්තා වේ.

    ඒ අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතගේ උපදෙස් අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහාතා ප්‍රකාශ කරන ලදී.

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වනුයේ සම්ප්‍රදායක වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමඟ එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට සූදානම් වීමයි. ඒ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හින්දු, ක්‍රිස්ත්‍රියානි හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු මෙයට එක් කර ගැනීමට කටයුතු කරන බව මහාචාර්ය කපිල ගුණවර්ධන මහාතා ප්‍රකාශ කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *