Headlines

    සති 03 කදී ඩෙංගු රෝගීන් 3,500 ඉක්මවයි

    වසරේ පළමු සති 3 තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3,649 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    මෙම මුල් සති 03 තුළදී ඩෙංගු මරණ 02 ක්ද වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය.

    ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,576කි.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 491ක්  ගම්පහින් රෝගීන් 558ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 95 ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

    ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨස 22 ක් දිවයිනෙන් හඳුනාගෙන ඇති බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *