Headlines

    Covid-19 වෛරසය සඳහා Pfizer Biotech එන්නත 94% ක් ඵලදායී බව තහවුරු වෙයි.

    ෆයිසර් එන්නත්කරණය ආරම්භ වූ දා සිට මිලියන 1.2 ක පිරිසක් යොදා ගනිමින් කළ අධ්‍යයනයකින් Covid-19 වෛරසය සඳහා Pfizer Biotech එන්නත 94% ක් ඵලදායී බව තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම එන්නතෙන් එක් මාත්‍රාවක් පමණක් ලබාදීම හරහා කොරෝනා රෝග ලක්ෂණවලින් ආරක්ෂා වීම සඳහා 57% ක ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති අතර ඒ අනුව ලොව පුරා වසා දැමූ රටවල් විවෘත කිරීමට මෙන්ම ආර්ථික ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමට එය විශාල පිටිවහලක් වනු ඇතැයි විශේෂඥයින් ප්‍රකාශ කරති.

    තවද මෙරිකාවේ නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා මර්දන එන්නත ද ඵලදායී ආරක්ෂිත එන්නතක් බව තහවුරු වී තිබෙන බව වාර්තා වී ඇති අතර එය අමෙරිකාවේ නිෂ්පාදිත තුන්වැනි කොරෝනා මර්දන එන්නතයි.

    මෙම එන්නත අධිශීතාගාර වෙනුවට සාමාන්‍ය ශීතකරණයක ගබඩා කළ හැකි අතර ඉදිරියේදී ජනතාවට ලබාදෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ නිකුත් කෙරුණු පළමු එන්නත් තොගය රැගත් ගුවන් යානය ඊයේ ඝානාවට ළඟා වී ඇති අතර එහි අඩංගුව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 6 ක් බව සඳහන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *