Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-28) – ඊයේ ආසාදිතයින් 460 යි

    අද දින (28) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙකු හදුනාගෙන ඇති අතර න් පුද්ගලයින් 35 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 425 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (27) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 62 ක් ලෙස දැක්වේ. යාපනය දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 59 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 253 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    ඊයේ දිනයේ කිසිදු මරණයක් වාර්තා නොවීම විශේෂත්වයකි. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 464 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.

    ඊයේ(27) දිනය තුළ පමණක් පුද්ගලයින් 35,343 දෙනෙකු කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇතැයි සඳහන් වන අතර ඊයේ (27) දිනය වනවිට කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 441,976කි.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 82,889
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 78,372
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 4,053
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 464

    https://www.hpb.health.gov.lk/si (Accessed feb-28-2021 9.45 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *