Headlines

    නීති විරෝධීව ගෙන්වූ සිගරට් තොගයක් තොගයක් රේගු භාරයට

    නීති විරෝධීව ආනයනය කරන ලද සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බළකායට අනුයුක්ත නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදුකරන ලද විශේෂ පරීක්ෂා කිරීමකදි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20ක් තුළ සඟවා මෙම සිගරට් තොගය මෙරටට ආනයනය කර ඇත.

    එහිදී සිගරට් කූරු 420,000ක් මෙලෙස අදාළ බැරල් තොගය තුළ සඟවා මෙරටට ආනයනය කර තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. 

    රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ මෙම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළුතර ප්‍රදේශයේ සමාගමකට ආනයනය කර ඇති බවය.

    රේගු භාරයට ගත් මෙම සිගරට් තොගයේ වටිනාකම රුපියල් මිලියන 31.5ක් බවද ඔහු පැවසීය.

    සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *