Headlines

    සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් – විභාග දෙපාර්තමේන්තුව.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (01) දින ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ වන විභාගය ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරන ලදී.

    විභාගය පැවැත්වීමට නියමිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 4513 ක් අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 622,351 දෙනෙකු පෙනී සිටීමට නියමිතය බව වැඩිදුරටත් සඳහන් වේ.

    මෙවර විභාගය සඳහා කොරෝනා බලපැවැත්වෙන හේතුවෙන් එක් දිස්ත්‍රික්කයකයට විශේෂ විභාග මධ්‍යස්ථාන දෙක බැගින් පිහිටුවා ඇති බවද දිවයිනේ පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 40 ක් බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    විභාග ශාලා විෂබීජහරණය කර පිරිසිදු කිරීමේ කටයුතු අද (28) සිදු කෙරෙනු අතර විභාග අපේක්ෂකයින් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරයි.

    අද (29) අධ්‍යාපන අමාත්‍යවරයා සහ බලධාරීන් කිහිපදෙනෙකු කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයට පැමිණ නිරීක්ෂණය කළ අතර එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ ලබන ජුනි මාසය වනවිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *