Headlines

    යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක

    යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ.

    ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බව වාර්තා වෙයි.

    සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

    යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් සිදුනොකිරීම එම වර්ජනයට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *