Headlines

    වතු නිවාස වෙනුවට සියලු යටිතල පහසුකම් සහිත මහල් නිවාස ක්‍රමයක්

    වතු ආශ්‍රිත ජනතාවට ඉදිරියේදී සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

    වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු වෙනුවෙන් පසුගිය 24 වැනිදා වැවිලි මානව සංවර්ධන භාරය සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ කඳුකර ආශ්‍රිතව නාය යෑමේ අවදානම වැඩි බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය හරහා නාය නොයන වතු ඉඩම් හඳුනාගෙන එම ඉඩම් ආශ්‍රිතව මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කරන බවය. 

    වගාවට මෙන්ම නිවාස ඉදිකිරිමටත් ඇති ඉඩම් ඉතා අල්ප බවත් එම නිසා වතු ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් වශයෙන් මෙම මහල් නිවාස ඉදි කිරිමට සැලසුම් කර ඇති බව සඳහන් කල අමාත්‍යවරයා කුඩා දරුවන්ට පෙර පාසලේ සිට ඉගනුම් මධ්‍යස්ථාන ද, සමූපකාරයකින් ද ආගමික මධ්‍යස්ථානයකින් යුතු සියලු යටිතල පහසුකම් වලින් සමන්විතව මෙම මහල් නිවාස යෝජනා ක්‍රමය වතු නිවාස ආශ්‍රිත ව සිටින වතු ජනතාවගේ අදහස් හා යෝජනා සමග ඔවුන්ගේ අභිමතය පරිදි ඉදි කිරිමට සැලසුම් කරන බවත් පැවසුවේය. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *