ගාල්ල ආශ්රිත මුහුදු සීමාව තුළ කෘත්‍රිම වාසස්ථාන ස්ථානගත කරමින් මත්ස්‍ය ගහනය වැඩිකිරීම වෙනුවෙන් ඊයේ (27) දිනයේ දී භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස්රථ 4ක බඳ ගාලු ධීවර වරායේ සිට නාවික සැතපුම් 4ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම නාවික හමුදාව විසින් සිදු කරන ලදී.

මෙමගින් ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම සහ මා දැල්වලට මත්ස්‍ය පැටවුන් හසුවීම වැළැක්වීම එහි ප්‍රධාන අරමුණ වේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාලග්යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් පරිදි සිදු කළ මෙම කාර්යය සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීමේ සංකල්පය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව සඳහන්ය.
මෙහි දී කුඩා මත්ස්‍ය පැටවුන් බස්රථ බඳ තුළ ගොඩනැගෙන නව මත්ස්‍ය ජනාවාස තුළින් පිටතට නොයාම නිසා පැටවුන් ප්‍රමාණයෙන් විශාල වන තුරු මා දැල්වලට හසුවීම වැළකීම සිදු වන නිසා මෙරට මත්ස්‍ය ගහණය ඉදිරියේ දී වැඩි වන බව මෙම ව්යපාතියෙන් අපේක්ෂා කෙරේ.