අද දින (01) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 352 දෙනෙකු හදුනාගෙන ඇති අතර න් පුද්ගලයින් 02 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 350 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (28) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 112 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 57 ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 131 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 07 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්, දෙමළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (28) දිනය තුල මෙරට PCR පරීක්ෂණ 10,421 ක් සිදුකර ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 83,242
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 78,947
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 3,824
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 471
https://www.hpb.health.gov.lk/si (Accessed march-01-2021 9.45 a.m IST)