ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35 කාලයක් ගිවිසුම් ගතව සංවර්ධනය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මෙහි දී ජපන් රජය මගින් ආයෝජකයෙකු නම් කරන ලෙස මෙරට රජය ඉල්ලීමක් කළ තිබුණද තවම ඒ සඳහා ප්‍රතිචාරයක් ජපන් රජය මඟින් ලැබී නොමැත. ඒ අනුව මෙම තීරණය ගත් බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ තළේය.
මෙහිදී ඉදිකර හා මෙහෙයුම්කර පවරාදීමේ (BOT) ගිවිසුම් සහ යෝජනා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපාන තානාපති කාර්යාලයට යොමුකර තිබේ. ඒ අනුව ආයෝජකයින් නම් කරන ලෙස එම ඉල්ලීම කර තිබුණු අතර අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත්කළ යෝජනාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී තිබීම නිසා මෙම තීරණය ගත් බව වැඩිදුරටත් සඳහන් වේ.
