Headlines

    ඩොලරය පහළට

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.18 ක් හා විකුණුම් මිල රු. 301.74 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මේ අතර අද (10) දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 297.65 ක් ලෙසිනි.

    පසුගිය පෙබරවාරි 05 වනදා මෙම අගය රු. 299.14 ක් දක්වා ඉහළ ගිය අතර එතැන් පටන් මේ දක්වා ඩොලරයේ මිල ක්‍රමිකව පහළ බසින අයුරු නිරීක්ෂණය කළ හැකිය.

    මීට අමතරව, ඔස්ට්‍රේලියන් ඩොලරයේ ගැනුම් මිල රු. 181.70 ක් හා විකුණුම් මිල රු. 190.95 ක් ලෙසින් වාර්තා විය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *