ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය ඊයේ (01) විවෘත කෙරිණි. ඒ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආරම්භකළ මෙම විශ්ව විද්‍යාලය මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට එක් වු 16 වෙනි විශ්ව විද්‍යාලයයි.
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය 1929 දී ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත් ජී.පී. වික්‍රමාරච්චි මහතා විසින් ශිෂ්‍යන් 20ක් සමග ආරම්භ කළ අතර එය 1995 වසරේ දී කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ යක්කල වික්‍රමාරාච්චි දේශීය වෛද්‍ය ආයතනය ලෙස ස්ථාපිත කෙරිණි.
ඒ අනුව මෙය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරිමට යෝජනා වූයේ 2011 වසරේ එවකට ජනාධිපතිවරයා වු වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. නමුත් ඒ සදහා අවශ්‍ය මුලික කටයුතු සිදු කළ ද යහපාලන රජය එම යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හැර දමා තිබුණි.
මෙහි දී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙම ආයුර්වේද විශ්ව විද්‍යාලය, මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට එක්වීම වත්මන් රජය ලැබු සුවිශාල ජයග්‍රහණයක් බවයි. එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කිරීම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට හැකිවීම සතුටට කාරණයක් බව පෙන්වා දුන් ඇමතිවරයා වාර්ෂිකව විශ්ව විද්‍යාලයට ඇතුළ් වන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව වැඩිදුටරත් ප්‍රකාශ කළේය. ඒ අනුව පසුගිය වසරේ පසුගිය කළින් වසරට වඩා විශ්ව විද්‍යාලවලට ශිෂ්‍ය ශීෂ්‍යාවන් 11,000 ක් ඇතුළත් කර ගැනීමට කටයුතු යොදා තිබේ.
ඊයේ (01) ආරම්භ කළ මෙම ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ නව සිව්මහල් ගොඩනැගිල්ලකින් සමන්විත අතර එහි දැනට ඇති පූර්ණ කාලීන අධ්‍යාපන පාඨමාලාවන්ට අමතරව අලුතින් පශ්චාත් උපාධි හා අර්ධකාලීන පාඨමාලා ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වේ.