රු. බිලියන 12කට අධික මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට

මෙම මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අද (13) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

පවුල් 1,725,795ක් සඳහා මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී දීමනාව ලබාදීමට නියමිතය.

රුපියල්  බිලියන දොලහකට අධික මුදලක් ඒ සඳහා බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.  

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි මුදල අද සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *