Headlines

    රුපියල් ලක්ෂ 25 කොල්ලයට සම්බන්ධ සැකකරුවන් වසරකට පසු අත්අඩංගුවට

    මීට වසරකට පමණ පෙර රත්නපුර කුරුවිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවස මංකොල්ලකා රුපියල් ලක්ෂ 25ක මුදලක් රැගෙන පළා ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලීසිය සමත්ව තිබේ.

    පසුගිය 2023 වසරේ නොවැම්බර් මස 22 වැනි දින අලුයම් කාලයේදී අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට වෑන් රථයකින් පැමිණි සැකකරුවන් මැණික් ගලක් විකීණීමට බව පවවා නිවසට ඇතුළු වී ගිනිඅවි පෙන්වා නිවැසියන්ට පහරදී මෙම මංකොල්ලය සිදුකර තිබුණි. 

    අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇහැලියගොඩ, කුරුවිට, බොරලැස්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකු බවද පොලීසිය පැවසීය.

    සැකකරුවන් ඊයේ (15) දින රත්නපුර මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

    එමෙන්ම අනෙකුත් සැකකරු ඝාතනයන්ට සම්බන්ධ බැවින් එළැඹෙන හෙට (17) දින දක්වා රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමටද මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇත.

    කුරුවිට පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අදාළ සැකකරුවන් අදාළ ප්‍රදේශයන්හිදිම අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන කුරුවිට පොලීසිය විසින් සිදුකරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *