පෙරේදා (01) දින පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වේ.


තවමත් මළ සිරුරේ හිස කොටස සොයාගෙන නොමැති අතර එම මළ සිරුර ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
කෙසේ වෙතත් පසුව අනාවරණය වූයේ මෙම බෑගය රැගෙන ආ පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි 50 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය. ඒ අනුව ඊයේ (02) සිට සිදු කරන පරීක්ශන අතරතුර මොහු නිවසින් පැනගොස් ඇති බව වාර්තා විය.
ඒ අනුව ක්‍රියාත්මක වු පොලීස්සිය මොහුව සොයා විමර්ශන සිදු කරන ලදී.
මෙහි දී අදාල තරුණීය හා සැකකාර පොලිස් උප පරීක්ෂකවරයා පෙබරවාරී (28) දින හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් ඇති අතර ඊට පසුදා මාර්තු (01) දින දහවල් 11 ට පමණ අදාළ පිරිමි පුද්ගලයා පමණක් ගමන් බෑගය ද අතැතිව ලැගුම්හලෙන් පිටතට පැමිණ ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් අද (03) උදෑසන පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ. ඒ ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, රබර් වත්තක, ගසක එල්ලෙමින් තිබිය දී ය.
මෙහි දී එම මළ සිරුර ආසන්නයේ තිබී “වස කුප්පියක්“ ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරනු ලබයි.
පොලිස් මාධ්‍ය ප්‍රකකාශවරයා සඳහන් කළේ අනියම් සබඳතාවක් මෙම ඝාතනයට මුල් වී ඇති බව සැක පළ කෙරෙන බවයි.