රටේ පවතින වියළි කාළගුණය හේතුවෙන් මෙරට ජල විදුලි නිෂ්පාදනය 20% ක් දක්වා පහතවැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙරට විදුලි බලයෙන් 42%ක් තාප විදුලි බලාගාර ආශ්‍රිතවද 2% ක් සුළං බලාගාර අශ්‍රිතවද රජය සතු අනෙකුත් බලාගාර සහ පුද්ගලික අංශයේ බලාගාර තුළින් 38% ක ප්‍රමාණයක්ද ජාතික පද්ධතියට එක් කරනු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව ජාතික විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබේන බව වාර්තාවේ. ඒ අනුව මෙගා වොට් 128 ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට නියමිත බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව එම මිලදී ගැනීම සඳහා අවසර ලබාගැනීමට අදාළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්කිරීමට ඉදිරි සතියේදී කොමිෂන් සභාව රැස්වන බව සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ය.