Headlines

    අයවැය විවාදය ඇරඹෙයි

    කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.

    පසුගිය ජනවාරි මස 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය. 

    අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම හෙට (25) දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වනදා සිට මාර්තු 21 වන දින දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතව තිබේ.

    ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පැවැත්වෙනු ඇති.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *