Headlines

    බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය වසා තැබීමක් ගැන නිවේදනයක්

    බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් හෙට දින (01) එම මහා මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඔරුගොඩවත්ත සිට වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් සිදු කිරීමට සිදුව ඇති බවය.

    ඒ අනුව හෙට දින උදෑසන 09.00 සිට පස්වරු 04.00 දක්වා එම මාර්ගය වසා තැබෙන බවද එම නිවේදනයේ සඳහන් ව තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *