Headlines

    ‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර දැයෙන් සමු ගනී..

    ‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතා අද (05) උදෑසන කරපිටිය රෝහලේ දී අභාවප්‍රාප්ත විය. රුධිර පිළිකාවක් හේතුවෙන් ඒ මහතා මියගොස් තිබේ.

    මිය යන විට ඔහු වයස 60 වියේ පසු වූ අතර ඒ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙක්, පුවත්පත් කතෘවරයෙකු හා රාජ්‍යත්‍රාන්ත්‍රිකයෙකුද විය.

    අවසන් වරට ඔහු සිරස/ එම්ටීවි මාධ්‍යජාලයේ කටයුතු කර ඇත.

    ඒ මහතා 2006-2007 වසරේ ඩේලි නිවුස් පුවත්පතෙහි ප්‍රධාන කතෘ වශයෙන්ද සේවය කර ඇති අතර රාජ්‍යත්‍රාන්ත්‍රිකයෙකු වශයෙන් ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ හා ඇමරිකාවේ නිව්යොක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකාවේ නිත්‍ය නියෝජ්‍ය ලෙස ද සේවය කර ඇත.

    ජනාධීපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශයේ මහජන සන්නිවේදන අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙසත් ඒ මහතා කටයුතු කර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *