Headlines

    COVAX පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන ඇස්ට්‍රො සෙනෙකා එන්නත් තොගය අනිද්දා දිවයිනට..

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVAX පහසුකම යටතේ රටවල් වලට ලබා දෙන ඇස්ට්‍රො සෙනෙකා එන්නත් තොගයේ පළමු කොටස අනිද්දා මෙරටට ලැබීමට නියමිතව බව වාර්තා වේ.

    ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 1.44 න් මාත්‍රා දෙලක්ෂ හැට හතර දහසක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    අප රටේ කොවිඩ් 19 වසංගතයෙන් වඩාත් අවදානම් ප්‍රදේශවල අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට ලබන සතියේ සිට මෙම කොවැක්ස් යටතේ සැපයෙන පළමු මාත්‍රා තොගය එන්නත් කිරිමට සැලසුම් කර තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. තවද එහි සඳහන් වන්නේ සෙසු තොගයද ලබන මැයි මසයේ දී මෙරටට ලැබීමට නියමිතව ඇති බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *