Headlines

    සිසුන්ට පහරදුන් ටියුෂන් ගුරුවරයාට විදෙස් ගමන් තහනමක්

    සිසුන් දණ ගස්වා පහරදීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති උපකාරක පන්ති ගුරුවරයාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

    ළමා ආරක්ෂණ අධිකාරිය පැවසුවේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා සැකකාර ගුරුවරයා වෙත ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ඊයේ (11) දිනයේදී පැමිණෙන ලෙස දන්වා තිබුණද ඔහු ඒ සඳහා නොපැමිණි බවය.

    ඒ අනුව මේ සම්බන්ධව අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

    එමෙන්ම මේ සම්බන්ධව පුද්ගලයින් රැසක් ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි කර ඇතැයිද ඒ අනුව සැකකරු සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය පවසයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *