Headlines

    ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දි..

    ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම ඊයේ (05) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දි  ප්‍රවාහන අමාත්‍ය ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    මෙවර ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම “බසයට පැලයක්‘ ‘වාහනයට පැලයක්” වන තේමාව පෙරදැරිව පරිසර දූෂණය අවම කිරිම සඳහා දායකත්වය ලබා දීමයි.

    ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුමට සමඟාමීව ඊයේ දින (05) දී, ගරු අමාත්‍යතුමා සහ ආයතන ප්‍රධානීන් විසින් රුක් රෝපණය සිදු කිරිම, මාකුඹුර බහුවිධ ප්‍රවාහන පරිශ්‍රයේ සිට ආරම්භ වන බස්රථයක් වෙනුවෙන් පැළයක් අදාල බස්රථ නියමුවන් විසින්ම සිදු කිරිම, ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් ගමනා ගමන මණ්ඩලයේ බස්රථයක් වෙනුවෙන් දිවයින පුරා ඩිපෝ පරිශ්‍රවල පැලයක් රෝපණය කිරිම, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සියලුම දුම්රිය ස්ථාන ආවරණය වන පරිදි පැල සිටුවිම සිදුවිය.

    තව ද පෙ.ව. 10 සිට 10.02 දක්වා ලංකාවේ සියලුම රථවාහන වල නාලා ශබ්ද නොකර සිටිම සඳහා වන දැනුවත් කිරිම, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය මගින් කැළණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනය හේතුවෙන් නැවත පදිංචි කරවන පවුල් 15ක් සඳහා යතුරු භාරදීම හා ප්‍රවාහන දිනය සංකේතවත් කරමින් බැනර් 300ක් ප්‍රදර්ශනය කිරිමද සිදු කරන ලදී.

    ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම සමඟාමීව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව හඳුන්වාදෙන නවීන තාක්ෂණික ක්‍රමවේදය මගින් භීක්‍ තාක්ෂණය සහිත ඉලෙක්ට්‍රෝනික කාඩ්පතද හදුන්වා දී ආරම්භ කිරීමද ඊයේ (05) දින සිදු කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *