Headlines

    13 ගැන කියන්න මෝදි එනකන් බලා ඉන්න ශිවඥානම්

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුලදී ඔහු මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි.

    අද (13) යාපනය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ වැඩ බලන සභාපති සි. වි. කේ ශිවඥානම් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.

    එළඹෙන අප්‍රේල් මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කිරීමට නියමිත අතර එහිදී ඔහු හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇති බව වැඩ බලන සභාපතිවරයා එහිදී පැවසීය.

    ඒ අනුව, ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති බවට බලාපොරොත්තු වන බව සඳහන් කළ වැඩ බලන සභාපතිවරයා එහිදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කරන බව කියා සිටියේය.

    විශේෂයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු උතුරේ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන බව ශිවඥානම් මහතා පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *