Headlines

    කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හෙට හදිසි නඩත්තු කටයුත්තක්

    කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සඳහා හෙට (15) පෙරවරු 10:00 සිට අනිද්දා (16) පෙරවරු 06:00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 65 දම්වැල් 64 ස්ථානයේ පිහිටි කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ මෙම හදිසි නඩත්තු කටයුතු සිදු කෙරේ.

    මෙම කාලසීමාවන් තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද දැනුම්දෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *