Headlines

    ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි බැහැදකී

    ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපති ලෙස පත් වූ අකිකෝ ඉසොමාතා මහතා අද (15) ජපානයේ ලංකාජී විහාරස්ථානයට පැමිණ ඇත.

    එහි දී ලංකාජී විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස මාහිමිපාණන් මුණ ගැසුණු නව තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී ගත හැකි ක්‍රියා මාර්ග පිලිබඳව සාකච්ඡා කර තිබේ. 

    පසුව පැවති දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව තානාපතිවරයාගේ රුව රැගත් සමරු ඵලකයක් උන්වහන්සේ විසින් තානාපතිවරයා වෙත පිරිනමා ඇත.

    ඉන්පසු ආගමික වතාවත් සමඟ පිරිත සජ්ජායනාවක් සහ ආශිර්වාද ලබා දීම සිදු කෙරිණි.

    මේ අවස්ථාව සඳහා ජපානයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා ඇතුළු තවත් ව්‍යාපාරිකයින් රැසක් ද විහාරස්ථානයේ ශ්‍රී ලාංකික දායක සභාවේ විශාල පිරිසක්ද  සහභාගී වී සිටි බව වාර්තා වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *