Headlines

    රු කෝටි 12කට අධික දුම්වැටි තොගයක් වරායේ ගබඩාවක

    නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සොයාගෙන තිබේ.

    කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක තිබී එම දුම්වැටි තොගය සොයාගෙන තිබුණේ රේගු ආදායම් කාර්ය සාධක බළකායේ නිලධාරීන් විසින්ය.

    එහිදී දුම්වැටි  713,000ක පමණ තොගයක් සොයාගෙන ඇත.

    රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්වැටි එක්සත් අරාබි එමීර් රාජයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කරන ලද භාණ්ඩ ඇසුරුම් තුළ සඟවා තිබියදී දුම්වැටි සොයාගත් බවය.

    අදාළ දුම්වැටි වල වටිනාකම රුපියල් 124,019,554ක් වන අතර එමගින් රජයට රුපියල් 107,985,621ක් අහිමි කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *