Headlines

    කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රො සෙනෙකා පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට – එන්නත් වයස 60ට වැඩි පුද්ගලයින්ට..

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟින් කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන ඇස්ට්‍රො සෙනෙකා පළමු කොරෝනා එන්නත් තොගය අද (07) අලුයම 12.15 ට එමිරේට්ස් EK 2528 දරණ විශේෂ කාගෝ ගුවන්යානයෙන් මෙරටට රැගෙන එන ලදි.

    ඒ අනුව කොවැක්ස් පහසුකම මගින් ලබා දෙන පළමු කොරෝනා එන්නත් තොගයේ එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුද්ර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේය.

    මෙහිදී ලැබුනු එන්නත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි දී  කොළඹ හා ගම්පහ එන්නත්කරණය අවසන් වූ පසුව මහනුවර ජනතාව සඳහා එන්නත්කරණය ආරම්භ කරන බව  රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *