Headlines

    කොච්චිකඩේ පාළු ඉඩමක පුද්ගල මළසිරුරක්

    කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියාපාර, පෝරුතොට ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ ඊයේ (20) රාත්‍රි කාලයේදී පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මළසිරුර සොයාගත් බවය.

    වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇති අතර ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *