අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි බලකරමින් කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබෙන අතර දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද (07) පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කිතුනු ජනතාව කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ තිාබන බව වාර්තා වේ.
තවද අද (08) පෙරවරු 8.45 ට දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම සීනු නාද කර අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා සිදු කරන විශේෂ දේව මෙහෙයක් දේවස්ථානවල පැවැත්වීම සිදු වුණි.
මෙහි දී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල්තුමන්ද කොච්ච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට පැවැති සාමකාමි විරෝධතාවයට අද (07) එක් විය. එහිදී අදහස් දැක්වූ එතුමන්,
“අපි මේ විරෝධතාවය පවත්වන්නේ සාධාරණය ඉෂ්ඨ වෙයි කියන බලාපොරොත්තුවකින්. මේ ප්‍රහාරය පිටිපස්සේ හිටියෙ කවුද කියන එක දැනගන්න තමයි කොමිෂන් සභාවෙන් අපි අපේක්ෂා කළේ. ඒක කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවා ද කියලා අපි දන්නේ නෑ. මම මේ දවස්වල ඒ වාර්තාව කියවමින් සිටිනවා. මේ වාර්තාවේ නිර්දේශ කරලා තියෙන හුගාක් කරුණු ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන්ම වරදකරුවන් කරලා තියෙන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. අවංක විමර්ශනයක් කිරීම සඳහා රජය මීටවඩා කැපවීමෙන් කටයුතු කරන්න ඕන කියන එකයි මගේ හැඟීම. මම කල්පනා කළේ අර 6 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කිරීම අවශ්‍ය ද කියන එක. මෙතනදි අවශ්‍ය වෙන්නේ කෙලින්ම ජනාධිපතිතුමා තමන්ට කරන්න තියෙන දේවල් ප්‍රායෝගික මට්ටමින් කරන්නට යොමුවෙන එක. කොටසක් විතරක් තෝරගෙන ඒ අයට විතරක් දඬුවම් කරන්නට කටයුතු කළොත් ඒක වැරදියි. අපිට යම්කිසි සලකුණක් ස්ථීර වශයෙන් ලැබෙන තුරු මේ විරෝධතා ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යනවා අනිකුත් ආගමික සංවිධානත් සම්බන්ධ කරගෙන. මේ මුළු රටේම ජනතාවට බලපාපු ප්‍රශ්නයක්” – යැයි සඳහන් කළේ ය.
මෙම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විරෝධතාවයට සහය දෙමින් ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් ද ඊට එක්ව සිටි බව වාර්තා වේ.