Headlines

    ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

    සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවය.

    ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

    2025.02.19 වන දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටී.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *